
ව්‍යාපාරික
තිරිඟු පිටි මිල ඉහළට – බේකරි මිල ගැනත් තීරණයක්
තිරිඟු පිටි මිල ඉහළ නගී
අද (29) සිට ක්‍රියාත්මක වන පරිදි තිරිඟු පිටි මිල ඉහළ දැමීමට ප්‍රීමා සහ සෙරන්ඩිබ් සමාගම් කටයුතු කර තිබේ.
ඒ අනුව තිරිඟු පිටි මිල කිලෝග්‍රෑමයක් සඳහා රුපියල් 17ක් ඉහළ දමා ඇති බව වාර්තා වේ.
බේකරි නිෂ්පාදන මිල ගැන සඳුදා තීරණයක්
මේ අතර, තිරිඟු පිටි මිල ඉහළ යාමත් සමඟ බේකරි නිෂ්පාදනවල මිල සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ මධ්‍යම කාරක සභාව ලබන සඳුදා (31) රැස්වීමට නියමිතය.
එහිදී පාන් ඇතුළු අනෙකුත් බේකරි නිෂ්පාදනවල මිල ගණන් ඉහළ දැමීම සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට බලාපොරොත්තු වන බව එම සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන මහතා සඳහන් කර ඇත.



