ප්‍රධාන පුවත්

අන්තර්ජාලයෙන් රු. මිලියන 4.38ක් වංචා කළ 23 හැවිරිදි සැකකරු අත්අඩංගුවට

අන්තර්ජාලය ඔස්සේ ව්‍යාපාරවලින් ඉහළ ආදායමක් උපයාගත හැකි බවට පුද්ගලයන් රවටා රුපියල් 4,386,219ක මුදලක් වංචා කළ බව කියන 23 හැවිරිදි සැකකරුවෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

වයඹ පළාත් පරිගණක අපරාධ විමර්ශන අංශයට ලැබුණු පැමිණිල්ලක් මත සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ, සැකකරු ෆේස්බුක් සහ ටෙලිග්‍රෑම් හරහා පුද්ගලයන් සමඟ සබඳතා ගොඩනඟාගෙන මෙම වංචාව සිදුකර ඇති බවයි.

විමර්ශනවලදී හෙළිවී ඇත්තේ රුපියල් 4,386,219ක මුදලක් වංචා කර ඇති අතර, එම මුදලින් රුපියල් ලක්ෂ 5ක් සාවද්‍ය ලෙස පරිහරණය කර ඇති බවයි.

අත්අඩංගුවට ගත් සැකකරු බේරුවල ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි පුද්ගලයෙකි.

සිද්ධිය සම්බන්ධයෙන් වයඹ පළාත් පරිගණක අපරාධ විමර්ශන අංශය වැඩිදුර විමර්ශන සිදුකරමින් පවතී.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button