උණුසුම් පුවත්

බලශක්ති අමාත්‍ය ලෙස අනුර කරුණාතිලක දිවුරුම් දෙයි – වරාය හා සිවිල් ගුවන් සේවාද භාරගනී

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අනුර කරුණාතිලක මහතා බලශක්ති අමාත්‍යවරයා ලෙස නියම කර තිබේ. ඒ අනුව ඔහු අද (20) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපතිවරයා ඉදිරියේ අමාත්‍යධුරයේ දිවුරුම් දුන්නේය.

මෙම නව පත්වීමට අමතරව, අනුර කරුණාතිලක මහතා වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා ලෙසද කටයුතු කරනු ඇත.

දිවුරුම් දීමේ අවස්ථාවට ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාද එක්ව සිටියේය.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button