ප්‍රධාන පුවත්

රනිල්ගේ ආරක්ෂකයාට පහරදුන් කැමරා ශිල්පියාට ඇප

රනිල්ගේ ආරක්ෂකයාට පහරදුන් කැමරා ශිල්පියාට ඇප ලබාදී තිබේ. හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂක නිලධාරියෙකුට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් පෞද්ගලික මාධ්‍ය ආයතනයක කැමරා ශිල්පියා මෙලෙස පොලිස් ඇප මත මුදාහැර ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශන සඳහා ප්‍රකාශයක් ලබාගැනීමට අදාළ කැමරා ශිල්පියා අද (01) කොම්පඤ්ඤවීදිය පොලීසිය වෙත කැඳවා තිබේ.

එහිදී ඔහුව සැකපිට අත්අඩංගුවට ගෙන පසුව පොලිස් ඇප මත මුදාහැර ඇති බව වාර්තා වේ.

ඊයේ (30) කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ පැවති නඩු කටයුත්තකින් අනතුරුව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අධිකරණයෙන් පිටතට පැමිණි අවස්ථාවේදී මෙම සිද්ධිය සිදුව තිබුණි.

එම අවස්ථාවේදී ඔහුගේ ආරක්ෂක නිලධාරියෙකුගේ හිසට කැමරාවකින් පහරදුන් බවට චෝදනා එල්ල වී ඇති අතර, සිද්ධියෙන් තුවාල ලැබූ ආරක්ෂක නිලධාරියා ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර තිබේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button