
අවුරුදු සමයේ රිය අනතුරු ඉහළට – ගිය වසරට වඩා මාරක අනතුරු 18කින් වැඩිවීමක්
අවුරුදු සමය අතරතුර රිය අනතුරු සංඛ්‍යාව ගිය වසරට සාපේක්ෂව ඉහළ ගොස් ඇති බව රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්. පී. ජේ. සේනාධීර මහතා පවසයි.
අප්‍රේල් 10 සිට 19 දක්වා කාලය සලකා බැලූ විට, මාර්ග රිය අනතුරු ගණන ගිය වසරට වඩා සැලකිය යුතු ලෙස වැඩිවී ඇති බව ඔහු අද (20) පැවැති ප්රවෘත්ති සාකච්ඡාවකදී සඳහන් කළේය.
එම කාලය තුළ මාරක රිය අනතුරු 18කින් ඉහළ ගොස් ඇති අතර, මරණ සංඛ්‍යාවද 20කින් වැඩිවී තිබේ. තවද, බරපතළ අනතුරු 94කින්, සුළු අනතුරු 49කින් සහ අලාභ අනතුරු 48කින් වැඩිවීමක් වාර්තා වී ඇති බවද අනාවරණය කෙරිණි.
මීට පෙරද මහජනතාවට සහ රියදුරුන්ට මාර්ග ආරක්ෂාව පිළිබඳ දැනුම්දීම් සිදු කළද, මෙවැනි වර්ධනයක් දක්නට ලැබීම ගැන අවධානය යොමු කළ යුතු බව නියෝජ්‍ය පොලිස්පතිවරයා පෙන්වා දුන්නේය.
බරපතළ මාර්ග අනතුරු අවම කර ගැනීම සඳහා රියදුරුන් සහ මහජනතාව වඩාත් වගකීමෙන් කටයුතු කළ යුතු බවටද ඔහු ඉල්ලීමක් කළේය.



