ප්‍රධාන පුවත්

කපිල පෙරේරා ප්‍රවාහන අමාත්‍යාංශ ලේකම් ධුරයෙන් ඉවත්වෙයි?

ප්‍රවාහන, මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බවට තොරතුරු වාර්තා වෙයි.

ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකුගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට ඔහුට එරෙහිව තීන්දුවක් ලබා දීමෙන් පසු මෙම තීරණය ගෙන ඇති බව සඳහන්ය.

එමෙන්ම සිය ඉල්ලා අස්වීමේ තීරණය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට ද දැනුම් දී ඇති අතර, ඒ පිළිබඳව රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයටද නිල වශයෙන් දැනුම් දී ඇති බව වාර්තා වේ.

විශ්වවිද්‍යාල ක්ෂේත්‍රයෙන් රාජ්‍ය සේවයට එක්වූ මහාචාර්ය කපිල පෙරේරා මහතාගේ රාජ්‍ය සේවා කාලය අවසන් වීමත් සමඟ මෙම තීරණය ගෙන ඇති බවද සඳහන්ය.

ලේකම් ධුරයෙන් ඉවත් වීමෙන් අනතුරුව ඔහු නැවත විශ්වවිද්‍යාල සේවයට එක්වීමට සූදානම් වන බවත්, මීට පෙර මොරටුව විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා ලෙසද කටයුතු කර ඇති බවත් වාර්තා වෙයි.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button