ප්‍රධාන පුවත්

විමල්ගේ ප්‍රකාශය ගැන විමර්ශනයක්

විමල්ගේ ප්‍රකාශය සම්බන්ධයෙන් අධිකරණයට අපහාසයක් සිදුවී ඇත්දැයි විමර්ශනය කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය පොලිස්පතිවරයාට නියෝග කර තිබේ.

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පසුගිය 12 වනදා පැවති රැළියකදී සිදුකළ ප්‍රකාශයක් මඟින් අධිකරණයට අපහාසයක් සිදුවී ඇත්දැයි සොයා බලන ලෙස අල්ලස් කොමිසම විසින් අධිකරණයෙන් ඉල්ලීමක් කර ඇත.

එම ඉල්ලීම සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා මෙම නියෝගය නිකුත් කර තිබේ.

එයාර් බස් සිද්ධිය සම්බන්ධයෙන් නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව පවරා ඇති නඩුව අද කැඳවූ අවස්ථාවේදී අල්ලස් කොමිසම විසින් ඉදිරිපත් කළ සංයුක්ත තැටියක් අධිකරණයට භාරදී තිබේ.

එහිදී නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ජනක බණ්ඩාර මහතා විසින් අදාළ ඉල්ලීම අධිකරණය හමුවේ ඉදිරිපත් කර ඇත.

ඒ අනුව කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා, විමල් වීරවංශ මහතාගේ අදාළ ප්‍රකාශය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකර එහි වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස පොලිස්පතිවරයාට නියෝග කර තිබේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button