උණුසුම් පුවත්

නාමල් රාජපක්ෂ යළි රිමාන්ඩ්

නාමල් රාජපක්ෂ මහතා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කර තිබේ.

ශ්‍රීලංකන් ගුවන් සමාගමට එයාර්බස් ගුවන් යානා මිලදී ගැනීමේදී රුපියල් මිලියන 100ක අල්ලසක් ලබාගත් බවට එල්ල වී ඇති චෝදනාවක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා මේ වනවිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටී.

අදාළ නඩුව අද කැඳවූ අවස්ථාවේදී ඔහු මේ මස 29 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.

නාමල් රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කර ඇති ඇප ඉල්ලීම සම්බන්ධයෙන් නියෝගයද එදින ප්‍රකාශයට පත් කරන බව මහේස්ත්‍රාත්වරයා නියෝගයේ සඳහන් කර ඇත.

අල්ලස් කොමිසම වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ජනක බණ්ඩාර මහතාත්, සැකකරු වෙනුවෙන් ජනාධිපති නීතිඥ ශවීන්ද්‍ර ප්‍රනාන්දු මහතාත් අධිකරණය හමුවේ කරුණු ඉදිරිපත් කර තිබේ.

එම කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා විසින් මෙම නියෝගය ලබාදී ඇත.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button