
චාවකච්චේරිය රෝහලට නව ඖෂධ ගබඩාවක්
චාවකච්චේරිය රෝහල සඳහා අංගසම්පූර්ණ ඖෂධ ගබඩාවක්, කාර්ය මණ්ඩල නිල නිවාස සංකීර්ණයක් සහ යටිතල පහසුකම් සංවර්ධනය ඇතුළත් නව ව්‍යාපෘතියක් හෙට (19) ආරම්භ කිරීමට නියමිතය.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් චාවකච්චේරිය මූලික රෝහල් පරිශ්‍රයේදී එහි ඉදිකිරීම් සඳහා මුල්ගල තැබීමට නියමිතව තිබේ.
අදාළ ව්‍යාපෘතිය සඳහා වෙන්කර ඇති මුදල රුපියල් මිලියන 282.52කි.
උතුරු පළාතේ ජනතාවට වඩාත් ගුණාත්මක හා කාර්යක්ෂම සෞඛ්‍ය සේවාවක් ලබාදීමේ අරමුණින් රජය ක්‍රියාත්මක කරන නව වැඩසටහන් යටතේ මෙම ව්‍යාපෘති ක්‍රියාත්මක කෙරෙන බව සඳහන් වේ.
එහි ඉදිකිරීම් කටයුතු 2027 වසරේ අගෝස්තු මාසය වනවිට අවසන් කිරීමට සැලසුම් කර තිබේ.
මේ අතර, රෝහලේ සෝපානය සහ අනෙකුත් යටිතල පහසුකම් වැඩිදියුණු කිරීමේ තවත් ව්‍යාපෘතියක් ද මීට සමගාමීව ආරම්භ කිරීමට නියමිතය.
ඒ සඳහා රුපියල් මිලියන 53ක මුදලක් වැය කිරීමට නියමිත අතර, එම ප්‍රතිපාදන උතුරු පළාත් සභාව යටතේ ලබාදීමට සැලසුම් කර ඇත.
අදාළ යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘතිය 2027 වසරේ මැයි මාසය වනවිට අවසන් කිරීමට සැලසුම් කර තිබේ.



