උණුසුම් පුවත්

අධික වර්ෂාවත් සමඟ නායයෑම් අනතුරු ඇඟවීම් යාවත්කාලීන කරයි

පවතින අධික වර්ෂාපතනය සැලකිල්ලට ගනිමින් නායයෑම් අවදානම පිළිබඳ නිකුත් කර තිබූ අනතුරු ඇඟවීමේ නිවේදනය යාවත්කාලීන කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබේ.

අද පෙරවරු 9.00 සිට හෙට පෙරවරු 9.00 දක්වා බලපැවැත්වෙන මෙම නිවේදනයට අනුව පහත ප්‍රදේශ සඳහා නායයෑම් අවදානම් මට්ටම් ප්‍රකාශයට පත් කර ඇත.

අනතුරු ඇඟවීමේ මට්ටම 2 – අවදානයෙන් සිටින්න (ඇම්බර්)
බදුල්ල දිස්ත්‍රික්කය:- පස්සර
ගාල්ල දිස්ත්‍රික්කය:- නෙලුව
කළුතර දිස්ත්‍රික්කය:- අගලවත්ත- ⁠බදුරලිය- ⁠මතුගම- ⁠හොරණ- ⁠වලල්ලාවිට
මහනුවර දිස්ත්‍රික්කය:- ⁠පාතහේවාහැට- ⁠පස්බාගේ කෝරලේ- ⁠අකුරණ- ⁠ගඟවට කෝරලේ- ⁠පන්විල- ⁠යටිනුවර- ⁠ගඟ ඉහළ කෝරලේ- ⁠උඩපළාත
රත්නපුර දිස්ත්‍රික්කය: පැල්මඩුල්ල ⁠රත්නපුර**

අනතුරු ඇඟවීමේ මට්ටම 1 – විමසිලිමත් වන්න (කහ)
බදුල්ල දිස්ත්‍රික්කය:- බණ්ඩාරවෙල- ⁠හාලිඇල
ගාල්ල දිස්ත්‍රික්කය:- තවලම- ⁠ඇල්පිටිය- ⁠නියාගම
කළුතර දිස්ත්‍රික්කය:- ඉංගිරිය- ⁠බුලත්සිංහල
මහනුවර දිස්ත්‍රික්කය:- ⁠පූජාපිටිය- තුම්පනේ- ⁠දෙල්තොට- ⁠දොලුව- ⁠උඩුනුවර- ⁠හතරලියද්ද- ⁠හාරිස්පත්තුව
කෑගල්ල දිස්ත්‍රික්කය:- මාවනැල්ල- ⁠බුලත්කොහුපිටිය- ⁠යටියන්තොට- ⁠අරණායක- ⁠කෑගල්ල – ⁠රඹුක්කන- ⁠වරකාපොළ
කුරුණෑගල දිස්ත්‍රික්කය: රිදීගම*
මාතලේ දිස්ත්‍රික්කය: නාවුල ⁠අඹන්ගඟ කෝරලේ* ⁠රත්තොට**
මාතර දිස්ත්‍රික්කය: පිටබැද්දර*
මොනරාගල දිස්ත්‍රික්කය: බඩල්කුඹුර ⁠වැල්ලවාය* ⁠බිබිල**
නුවරඑළිය දිස්ත්‍රික්කය: නෝර්වුඩ් ⁠අඹගමුව කෝරලේ * ⁠කොත්මලේ බටහිර**
රත්නපුර දිස්ත්‍රික්කය: ඇහැලියගොඩ ⁠කුරුවිට* ⁠කලවාන* ⁠ගොඩකවෙල* ⁠කිරිඇල්ල* ⁠අයගම**

අදාළ ප්‍රදේශවල ජනතාව විශේෂ අවධානයෙන් සිටින ලෙසත්, අධික වර්ෂාව දිගටම පැවතීම හේතුවෙන් අවදානම් ස්ථානවලින් ඈත්ව කටයුතු කරන ලෙසත් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය දැනුම් දෙයි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button