
උණුසුම් පුවත්
GMOA වර්ජනය තාවකාලිකව නවත්වයි – අමාත්‍යවරයා සමඟ සාකච්ඡාවක් බ්‍රහස්පතින්දා
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) ආරම්භ කළ වැඩවර්ජනය අද (06) පෙරවරු 08.00 සිට තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර ඇත.
එම සංගමයේ ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතදාස මහතා සඳහන් කළේ, තම ගැටළු සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යවරයා සමඟ සාකච්ඡා කිරීමට අවස්ථාවක් ලබා දී තිබීම මෙම තීරණයට හේතුව වූ බවයි.
අද දිනයේ විදෙස්ගත වන සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා යළි දිවයිනට පැමිණීමෙන් පසු, ලබන බ්‍රහස්පතින්දා අදාළ සාකච්ඡාව පැවැත්වීමට නියමිත බවද වැඩිදුරටත් සඳහන් වේ.
වෛද්‍යවරුන්ගේ ස්ථානමාරු කිරීම් දේශපාලන මැදිහත්වීම් මත සිදු කිරීම නවතා දැමීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගෙන GMOA විසින් මෙම වර්ජනය ආරම්භ කර තිබුණි.



