
උණුසුම් පුවත්
කඩුගන්නාවෙන් කොළඹ – නුවර පාර යළි විවෘතයි
කඩුගන්නාවෙන් කොළඹ – නුවර පාර යළි විවෘතයි
ගල් පෙරළීමක් හේතුවෙන් කඩුගන්නාව ප්‍රදේශයෙන් තාවකාලිකව වසා දමා තිබූ කොළඹ – නුවර ප්‍රධාන මාර්ගය අද (04) පෙරවරු 6.00 සිට යළි ගමනාගමනය සඳහා විවෘත කර ඇති බව පොලීසිය පවසයි.
ඊයේ පැවති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පහළ කඩුගන්නාව ප්‍රදේශයේ ගල් පෙරළීමක් සිදුවීමෙන් ගනේතැන්න සහ කඩුගන්නාව අතර මාර්ග කොටස ආරක්ෂිත හේතු මත තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන තිබුණි.
පසුව කාලගුණික තත්ත්වය යහපත් වීමත් සමඟ, ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නිර්දේශ අනුව මාර්ගයේ ආරක්ෂාව තහවුරු කිරීමෙන් අනතුරුව අද පෙරවරු 6.00 සිට එය නැවත විවෘත කිරීමට කටයුතු කර තිබේ.



