
දේශපාලන
ශ්‍රේෂ්ඨාධිකරණ පුරප්පාඩු ගැන විපක්ෂයෙන් කථානායකට ලිපියක්
ශ්‍රේෂ්ඨාධිකරණයේ පවතින විනිසුරු පුරප්පාඩු කඩිනමින් පිරවීම සඳහා පියවර ගන්නා ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරන ලෙස දන්වා විපක්ෂයේ මන්ත්‍රීවරුන් විසින් අත්සන් කරන ලද ලිපියක් අද (12) කථානායකවරයා වෙත භාරදී තිබේ.
එම ලිපිය පාර්ලිමේන්තුවේදී කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා වෙත භාර දී ඇති බව වාර්තා වේ.
විපක්ෂ මන්ත්‍රීවරුන් පෙන්වා දී ඇත්තේ, ශ්‍රේෂ්ඨාධිකරණයේ පුරප්පාඩු පවතින විනිසුරු ධුර සඳහා පත්වීම් ප්‍රමාද වීම පිළිබඳව අවධානය යොමු කළ යුතු බවයි.
තවද ව්‍යවස්ථාදායක සභාවේ සභාපතිවරයා ලෙස ජනාධිපතිවරයාගේ අවධානය මෙම කරුණ වෙත යොමු කරමින්, අධිකරණයේ ස්වාධීනත්වය සහ කාර්යක්ෂමතාව ආරක්ෂා වන පරිදි අවශ්‍ය පියවර ගන්නා ලෙස ඉල්ලා සිටින බවද එම ලිපියෙන් සඳහන් කර ඇත.



