උණුසුම් පුවත්

මහනුවර සියලු පාසල් හෙට වැසෙයි – අයහපත් කාලගුණය හේතුවෙන් තීරණයක්

මහනුවර සියලු පාසල් හෙට වැසෙයි

පවතින දැඩි අයහපත් කාලගුණික තත්ත්වය සැලකිල්ලට ගනිමින් මහනුවර දිස්ත්‍රික්කයේ සියලුම රජයේ පාසල් හෙට (04) දිනයේ වසා තැබීමට තීරණය කර තිබේ.

අඛණ්ඩව පවතින වර්ෂාපතනය සහ ඇතිවිය හැකි හදිසි කාලගුණික අවදානම් හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බව සඳහන් වේ.

පාසල් දරුවන්ගේ සහ ගුරුභවතුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමේ අරමුණින් අධ්‍යාපන බලධාරීන් විසින් මෙම පියවර ගෙන තිබේ.

ඒ අනුව මහනුවර දිස්ත්‍රික්කයේ සියලුම රජයේ පාසල් හෙට දිනයේ ක්‍රියාත්මක නොවන බව දැනුම් දී ඇත.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button