උණුසුම් පුවත්

කොත්මලේ ජලාශයේ වාන් දොරටු විවෘත කෙරේ

පවතින අයහපත් කාලගුණික තත්ත්වය සහ ජලාශයේ ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට ඇද හැළෙන අධික වර්ෂාව හේතුවෙන් කොත්මලේ ජලාශයේ වාන් දොරටු විවෘත කිරීමට මහවැලි අධිකාරිය තීරණය කර තිබේ.

ජලාශයේ ආරක්ෂාව තහවුරු කිරීම සහ පහළ ප්‍රදේශවල ඇතිවිය හැකි අධි ගංවතුර අවදානම පාලනය කිරීමේ අරමුණින් අද (03) පස්වරු 3.00 සිට වාන් දොරටු සහ මඩ සොරොව්ව ක්‍රමානුකූලව විවෘත කරන බව එම අධිකාරිය නිවේදනය කළේය.

ඒ අනුව තත්ත්පරයකට ඝන අඩි 250ක් පමණ වන වේගයකින් කොත්මලා ඔයට ජලය මුදා හැරීමට අපේක්ෂා කෙරේ.

මෙම තත්ත්වය හේතුවෙන් කොත්මලේ වේල්ලෙන් පහළ කොත්මලා ඔය ආශ්‍රිත නුගවෙල, රිවර්සයිඩ් සහ මාවතුර ප්‍රදේශවලට මෙන්ම මහවැලි ගඟ ආශ්‍රිත උලපනේ සිට ගම්පොල, වැලිගල්ල, ගෙලිඔය, පේරාදෙණිය, කටුගස්තොට සහ පොල්ගොල්ල දක්වා පහත්බිම් ප්‍රදේශවල ජලයෙන් යටවීමේ අවදානමක් පවතින බව මහවැලි අධිකාරිය සඳහන් කරයි.

එබැවින් එම ප්‍රදේශවල ජනතාව සහ මහවැලි ගඟ හා කොත්මලා ඔය ආශ්‍රිතව කටයුතු කරන සියලු දෙනා දැඩි විමසිල්ලෙන් පසුවන ලෙසත්, අදාළ බලධාරීන්ගේ උපදෙස් පිළිපදින ලෙසත් මහවැලි අධිකාරිය ඉල්ලා සිටියි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button