
ප්‍රධාන පුවත්
SDIG වරුණ ජයසුන්දර හට ළමා හා කාන්තා කාර්යාංශයේ වගකීම
වරුණ ජයසුන්දර මහතා ළමා හා කාන්තා කාර්යාංශය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස පත් කර තිබේ.
නැගෙනහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ධුරයේ කටයුතු කළ ඔහුට මෙම නව වගකීම පවරා ඇත.
කෙහෙල්බද්දර පද්මේ සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනවලට අදාළව පසුගියදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඔහුගෙන් ප්‍රකාශයක් සටහන් කරගෙන තිබුණි. එහිදී අනාවරණය වී ඇත්තේ, පද්මේ සමඟ දුරකථන සංවාද පැවැත්වූ බවට ප්‍රචාරය වූ තොරතුරු සනාථ කරන සාක්ෂි නොමැති බවයි.
පොලිස් විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරිවරයා ලෙස සේවය කළ කාලය තුළ සංවිධානාත්මක අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩපැවැත්වීම සඳහා ඔහු සැලකිය යුතු මෙහෙවරක් ඉටු කළ අයෙකු ලෙස ද හැඳින්වේ.



