
සෞඛ්‍යය
ඩෙංගු රෝගීන් 71,235ක්
ඩෙංගු රෝගීන් 71,235ක් වසරේ මේ දක්වා මෙරටින් වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය නිවේදනය කරයි. ඊයේ (14) වන විට ඩෙංගු මරණ 49ක් ද වාර්තා වී ඇති බව එම ඒකකය සඳහන් කළේය.
ඊයේ දිනය තුළ පමණක් නව ඩෙංගු රෝගීන් 1,284ක් හඳුනාගෙන තිබේ. සමස්ත රෝගීන්ගෙන් වැඩිම පිරිස බස්නාහිර පළාතෙන් වාර්තා වී ඇති අතර එම සංඛ්‍යාව 37,490කි.
බස්නාහිර පළාත තුළ වැඩිම ඩෙංගු ආසාදිතයන් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති අතර එහි රෝගීන් සංඛ්‍යාව 14,736කි. කොළඹ දිස්ත්‍රික්කයෙන් ද රෝගීන් 14,229ක් වාර්තා වී තිබේ.
මේ අතර, ජූලි මාසයේ ගතවූ පළමු දින 14 තුළ පමණක් ඩෙංගු රෝගීන් 15,856ක් හඳුනාගෙන ඇත. වසරේ වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාව වාර්තා වී ඇත්තේ ජුනි මාසයේදී වන අතර එම සංඛ්‍යාව 21,538ක් ලෙස සටහන් වී තිබේ.



