ව්‍යාපාරික

මැදපෙරදිග අර්බුදය හමුවේ බොරතෙල් මිල ඩොලර් 107ට ළංවෙයි

මැදපෙරදිග අර්බුදය හමුවේ බොරතෙල් මිල ඩොලර් 107ට ළංවෙයි. යේමනයේ ඉරාන සහාය ලබන හූති කැරලිකරුවන් සෞදි අරාබියට ප්‍රහාර එල්ල කිරීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 107කට ආසන්න වී තිබේ.

එමෙන්ම, රුසියාව සහ යුක්‍රේනය අතර බලශක්ති ක්ෂේත්‍රයට අදාළ සටන් විරාමයක් පවතින බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කළ ප්‍රකාශය පිළිබඳව සැක මතුවීම ද බොරතෙල් මිල ඉහළ යාමට බලපා ඇති බව වාර්තා වේ.

මෙම සිදුවීම් හේතුවෙන් ගෝලීය බලශක්ති සැපයුම සම්බන්ධයෙන් පවතින අවිනිශ්චිතතාව තවදුරටත් ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරයි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button