ප්‍රධාන පුවත්

නාමල් සහ යෝෂිත රාජපක්ෂ අධිකරණයට

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අද (13) අධිකරණ කටයුතු සඳහා ඉදිරිපත් වී තිබේ.

නඩු කටයුත්තක් සඳහා යෝෂිත රාජපක්ෂ මහතා කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණ ඇති අතර, ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළව රක්ෂිත බන්ධනාගාරගත කර සිටින නාමල් රාජපක්ෂ මහතා ද අධිකරණයට රැගෙනවිත් තිබේ.

අල්ලස් කොමිසම විසින් ගොනුකර ඇති නාමල් රාජපක්ෂ මහතාට අදාළ නඩුව අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා ඉදිරියේ කැඳවීමට නියමිතය. එම නඩුවට ඉදිරිපත් කිරීම සඳහා බන්ධනාගාර නිලධාරීන් විසින් නාමල් රාජපක්ෂ මහතා අධිකරණයට රැගෙන එනු ලැබීය.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button