කාලගුණය

පළාත් 5කට මි.මී. 150 දක්වා තද වැසි

අද (13) දිවයිනේ පළාත් පහක ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 100ත් 150ත් අතර තද වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

පළාත් 5කට තද වැසි ඇතිවීමේ අවදානම පවතින අතර, ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව අද අඩු පීඩන කලාපයක් නිර්මාණය වීමේ හැකියාවක්ද පවතී. එහි බලපෑම හේතුවෙන් දිවයිනේ සහ දිවයින වටා ඇති ගැඹුරු හා නොගැඹුරු මුහුදු ප්‍රදේශවල වැසි තත්ත්වය අද සිට ඉදිරි දින කිහිපය තුළ ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ත් 150ත් අතර තද වැසි ඇති විය හැකිය. දිවයිනේ සෙසු ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 ඉක්මවූ තරමක තද වැසි ඇතිවීමේ හැකියාව පවතී.

ගිගුරුම් සහිත වැසි සමඟ තාවකාලික තද සුළං ඇති විය හැකි බැවින්, සුළං හා අකුණු හේතුවෙන් සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.

එමෙන්ම, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් ඇති විය හැකිය. ඉදිරි කාලගුණ අනාවැකි සහ නිවේදන පිළිබඳව අවධානයෙන් පසුවන ලෙස ධීවර හා නාවික ප්‍රජාව ඇතුළු ජනතාවගෙන් ඉල්ලා සිටී.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button