උණුසුම් පුවත්

හිටපු ඇමති එස්.බී.දිසානායකගේ සහෝදරයා අත්අඩංගුවට

එස්.බී.දිසානායකගේ සහෝදරයා අත්අඩංගුවට  ගෙන ඇත්තේ සුරාබදු බලපත්‍රයක් ලබාදෙන බව පවසා පුද්ගලයෙකුගෙන් රුපියල් මිලියන 27.5ක මුදලක් වංචා කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයකට අදාළව බව වාර්තා වේ.

හිටපු අමාත්‍ය එස්.බී. දිසානායක මහතාගේ සහෝදරයා වන හිටපු පළාත් සභා මන්ත්‍රී ජයලත් බණ්ඩාර දිසානායක මහතා මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.
පොලීසිය සඳහන් කළේ, වීරකැටිය ප්‍රදේශයේ පුද්ගලයෙකුගෙන් සුරාබදු බලපත්‍රයක් ලබාදෙන බව පවසා රුපියල් 27,500,000ක මුදලක් වංචා කර ඇති බවට මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශයට ලැබුණු පැමිණිල්ලකට අනුව විමර්ශන ආරම්භ කළ බවයි.
ඒ අනුව මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශයේ මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් ඊයේ (14) උදෑසන හඟුරන්කෙත ප්‍රදේශයේදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
වයස අවුරුදු 58ක් වන සැකකරු අද (15) නුගේගොඩ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර, සිද්ධිය සම්බන්ධයෙන් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button