ප්‍රධාන පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා ඉල්ලා අස්වීමේ ලිපිය ජනපතිට

මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා ඉල්ලා අස්වෙයි යනුවෙන් දැනුම් දෙමින් මහාචාර්ය සරත් අබේකෝන් මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත යොමු කර තිබේ.

දින කිහිපයකට පෙර එම ලිපිය ජනාධිපතිවරයා වෙත යොමු කළද, එය භාරගැනීම හෝ ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් මේ දක්වා කිසිදු නිල දැනුම්දීමක් ලැබී නොමැති බව ඒ මහතා සඳහන් කළේය.

අද දෙරණ කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් මහාචාර්ය සරත් අබේකෝන් මහතා පැවසුවේ, තම ඉල්ලා අස්වීමේ තීරණය සම්පූර්ණයෙන්ම පෞද්ගලික හේතුවක් මත ගත් එකක් බවයි.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා ලෙසද කලක් සේවය කළ ඔහු, ඉන් අනතුරුව මධ්‍යම පළාත් ආණ්ඩුකාර ධූරය භාරගෙන කටයුතු කළේය.

මේ අතර, මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලේකම් ධූරයද මේ වන විට හිස්ව පවතින අතර, එම තනතුර දැරූ මංජුලා මඩහපොල මහත්මිය විශ්‍රාම යාමෙන් පසු වැඩබලන ලේකම්වරයා ලෙස මධ්‍යම පළාත් රාජ්‍ය සේවා කොමිසමේ ලේකම් ඉෂාන් විජේතිලක මහතා පත්කර තිබේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button