
චීන ජාතිකයින් 13ක් අත්අඩංගුවට – කෝටි 3ක දුම්වැටි
රුපියල් තුන් කෝටි දහඅට ලක්ෂ අනූ දහසක වටිනාකමකින් යුත් විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ චීන ජාතිකයන් 13 දෙනෙකු කටුනායක ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබේ.
ගුවන්තොටුපොළ රේගු නිලධාරීන් විසින් අද (18) අලුයම සිදු කළ පරීක්ෂාවකදී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන් සියලු දෙනා චීන ජාතික ව්‍යාපාරිකයන් බව අනාවරණය වී ඇත.
මෙම පිරිස මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර සිට මැලේසියානු ගුවන් සේවයට අයත් එම්.එච්.-179 දරන ගුවන් යානයෙන් අද අලුයම 4ට පමණ කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබූ බව සඳහන් වේ.
ඔවුන් රැගෙන ආ ගමන් මලු සහ තේ කොළ අඩංගු පෙට්ටි තුළ සඟවා තිබූ චීනයේ නිෂ්පාදිත දුම්වැටි 212,600ක් අඩංගු දුම්වැටි කාටූන් 1,063ක් රේගු නිලධාරීන් විසින් සොයාගෙන ඇත.
මෙම දුම්වැටි තොගය ගුවන්තොටුපොළේ කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති ‘හරිත මාවත’ ඔස්සේ පිටතට රැගෙන යාමට උත්සාහ කර ඇති බව විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් රේගු භාරයේ රඳවා ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක වේ.



