උණුසුම් පුවත්

සුරේෂ් සලේ පෙත්සම සලකා බැලීම ජූලි 17 දක්වා කල්යයි

සුරේෂ් සලේ පෙත්සම සලකා බැලීම ජූලි 17 දක්වා කල් තැබේ

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධියට අදාළ විමර්ශනවලදී ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ තමන් රඳවා ගැනීම අභියෝගයට ලක් කරමින් රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතා ඉදිරිපත් කළ පෙත්සම සම්බන්ධයෙන් වැඩිදුර සලකා බැලීම ජූලි 17 වනදා දක්වා කල් තැබීමට අභියාචනාධිකරණය නියම කර තිබේ.

අදාළ සුරේෂ් සලේ පෙත්සම අද (14) අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා වැඩිදුර කරුණු ඉදිරිපත් කළේය.

එම කරුණු සලකා බැලීමෙන් අනතුරුව අභියාචනාධිකරණය විසින් පෙත්සම පිළිබඳ වැඩිදුර සලකා බැලීම ලබන 17 වනදා දක්වා කල් දැමීමට තීරණය කළේය.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button