ප්‍රධාන පුවත්

දුම්රිය වැඩවර්ජනයක් ගැන අනතුරු ඇඟවීමක්

දුම්රිය දෙපාර්තමේන්තුවේ පවතින පරිපාලන ගැටලු විසඳීම සඳහා නව දුම්රිය සාමාන්‍යාධිකාරිවරයෙකු කඩිනමින් පත් කරනු ඇතැයි දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය අපේක්ෂා කරයි.

එම පත්කිරීම සිදු නොවන්නේ නම්, දුම්රිය වෘත්තීය සමිති කිහිපයක් එක්ව ලබන බ්‍රහස්පතින්දා ආරම්භ කිරීමට සැලසුම් කර ඇති දුම්රිය වැඩවර්ජනය අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කරන බව එම සංගමයේ සභාපති සුමේධ සෝමරත්න මහතා පවසයි.

මෙවර වෘත්තීය ක්‍රියාමාර්ගයට ඉතිහාසයේ පළමු වරට දුම්රිය මගී සංගම්වල සහය ද හිමිව ඇති බව සුමේධ සෝමරත්න මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

දුම්රිය ප්‍රමාදයන් ඇතුළු මගීන් මුහුණ දෙන ගැටලුවලට මෙතෙක් ප්‍රමාණවත් විසඳුම් නොලැබීම හේතුවෙන් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට සහය දැක්වීමට තීරණය කළ බව හීන්දෙණිය, පට්ටිගොඩ එක්සත් දුම්රිය මගී සංගමයේ සභාපති ආර්.ඒ. රණතුංග මහතා පැවසීය.

කෙසේ වෙතත්, දුම්රිය දෙපාර්තමේන්තුවේ ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා දුම්රිය වෘත්තීය සමිති වෙත හෙට (14) ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍යවරයා සමග සාකච්ඡාවක් ලබාදී තිබේ.

එම සාකච්ඡාවෙන් ගැටලුවලට සාධාරණ විසඳුමක් නොලැබුණහොත්, සැලසුම් කර ඇති පරිදි දුම්රිය වැඩවර්ජනය ක්‍රියාත්මක කරන බව වෘත්තීය සමිති අවධාරණය කරයි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button