
කාලගුණය
ප්‍රදේශ කිහිපයකට මි.මී. 100 ඉක්මවූ වැසි
අද (13) සවස් කාලයේදී දිවයිනේ බොහෝ ප්‍රදේශවල තැනින් තැන ගිගුරුම් සහිත වැසි ඇතිවීමට හිතකර වායුගෝලීය තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මි.මී. 100 ඉක්මවූ වැසි උතුරු මැද, මධ්‍යම, සබරගමුව, බස්නාහිර සහ වයඹ පළාත්වල ඇතැම් ස්ථානවලට ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව පවසයි.
මේ අතර, බස්නාහිර පළාතට මෙන්ම ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශවලට අද උදෑසන කාලයේදී වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව දැනුම් දී තිබේ.
ගිගුරුම් සහිත වැසි සමග තාවකාලික තද සුළං සහ අකුණු ඇතිවිය හැකි බැවින්, එමඟින් සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය ආරක්ෂිත පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.



