උණුසුම් පුවත්

ශ්‍යාමිලා පෙරේරා අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට

ජාතික ලොතරැයි මණ්ඩලයේ (NLB) හිටපු සභාපතිනිය වන ශ්‍යාමිලා පෙරේරා මහත්මිය අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අද (30) අත්අඩංගුවට ගෙන තිබේ.

ඇය ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපතිනිය ලෙස කටයුතු කළ කාලයේ බඳවාගත් නිලධාරීන් තිදෙනෙකු එම ආයතනයේ රාජකාරි සඳහා නොයොදවා, එවකට අමාත්‍ය රවී කරුණානායක මහතාගේ කාර්යාලයට අනුයුක්ත කර සේවයේ යෙදවූ බවට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.

ඒ අනුව, අදාළ ක්‍රියාවලිය හරහා දූෂණය නමැති වරද සිදුකර ඇති බවට වන චෝදනා මත කොමිෂන් සභාව මෙම නීතිමය පියවර ගෙන ඇති බව වාර්තා වේ.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button