ප්‍රධාන පුවත්

හෙරොයින් ළඟ තබාගැනීමේ චෝදනාවට පුද්ගලයෙකුට ජීවිතාන්තය දක්වා සිරදඬුවම්

හෙරොයින් ග්‍රෑම් 3.074ක ප්‍රමාණයක් සන්තකයේ තබාගෙන සිටි බවට චෝදනා ලැබ වරදකරු වූ පුද්ගලයෙකුට අනුරාධපුර පළාත්බද මහාධිකරණය අද (30) ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කළේය.

සිරදඬුවම නියම වූයේ කැකිරාව පාර, තලාව ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි පුද්ගලයෙකුටයි.

මෙම නඩුව වසර හතරකට අධික කාලයක් අනුරාධපුර මහාධිකරණය හමුවේ විභාගයට ගෙන තිබූ අතර, පැමිණිල්ල විසින් චෝදනා සැකයෙන් තොරව ඔප්පු කිරීමෙන් අනතුරුව අධිකරණය මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළේය.

තලාව පොලිස් ස්ථානයට අනුයුක්ත උප පොලිස් පරීක්ෂකවරයෙකුට ලැබුණු රහසිගත තොරතුරක් මත සිදුකළ වැටලීමකදී සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණි.

අනතුරුව තලාව පොලිසියේ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා ඇතුළු නිලධාරීන්ගේ විමර්ශනවලින් පසු සැකකරු අධිකරණයට ඉදිරිපත් කර තිබූ අතර, නඩු විභාගය අවසානයේ ඔහුට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කෙරිණි.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button