
ප්‍රධාන පුවත්
සිරිපා වන්දනා සමය 31දා අවසන්
මෙවර ශ්‍රීපාද වන්දනා සමය මැයි 31 වනදාින් නිමාවට පත්වන බව ශ්‍රී පාදස්ථානාධිපති පූජ්‍ය බෙංගමුවේ ධම්මදින්න හිමි ප්‍රකාශ කළහ.
වෙසක් පොහෝ දිනය නිමිත්තෙන් ශ්‍රී පාද උඩ මළුවේ විශේෂ ආගමික වැඩසටහන් රැසක් සංවිධානය කර ඇති බවද උන්වහන්සේ සඳහන් කළේය.
වෙසක් පොහොයට පසුදින වන මැයි 31දා පැවැත්වෙන ආගමික වතාවත්වලින් අනතුරුව, උඩ මළුවේ තැන්පත් කර ඇති සධාතුක කරඩුව, සමන් දේව ප්‍රතිමාව සහ දේව ආභරණ පෙරහැරකින් මාර්ග හතරක් ඔස්සේ පැල්මඩුල්ල ගල්පොත්තාවල ශ්‍රී පාද රජමහා විහාරස්ථානය වෙත වැඩම කරවීමට නියමිතය.
එලෙස වැඩම කරවන සධාතුක කරඩුව, සමන් දේව ප්‍රතිමාව සහ දේව ආභරණ ශ්‍රීපාද අවාරය අවසන් වන තෙක් එම විහාරස්ථානයේ තැන්පත් කර තැබෙන බවද බෙංගමුවේ ධම්මදින්න හිමි වැඩිදුරටත් පැවසූහ.



