
විදෙස්
ගාසා පාලනය 70% දක්වා වැඩි කිරීමට නෙතන්යාහුගේ උපදෙස්
ගාසා තීරයේ භූමි පාලනය සියයට 70 දක්වා ව්‍යාප්ත කිරීම සඳහා ඊශ්‍රායල හමුදාවට උපදෙස් ලබාදී ඇති බව ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු ප්‍රකාශ කර තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා අනුව, ගාසා තීරයේ භූමි ප්‍රදේශයෙන් සියයට 60ක් මේ වනවිටත් ඊශ්‍රායල හමුදා පාලනය යටතේ පවතින බවද සඳහන් වේ.
මෙම පාලන ව්‍යාප්තිය, 2025 ඔක්තෝම්බර් මාසයේදී ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මැදිහත්වීමෙන් ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර ඇතිකරගත් සටන් විරාම එකඟතාවයේ කොන්දේසිවලට පටහැනි විය හැකි බවද වාර්තා වේ.
තවද, පසුගිය 12 වැනිදා වනවිට ගාසා තීරයේ පලස්තීනුවන් 72,742 දෙනෙකු මියගොස් ඇති අතර, තවත් 172,565 දෙනෙකු තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කළේය. මියගිය අය අතර ළමුන් 21,283 දෙනෙකු සිටින බවද එම වාර්තාවල දැක්වේ.



