ප්‍රධාන පුවත්

මධ්‍යම අධිවේගයේ නව කොටස අද ඇරඹෙයි

මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ තුන්වැනි කොටසේ දෙවැනි අදියරට අයත් රඹුක්කන සිට ගලගෙදර දක්වා කොටසේ ඉදිකිරීම් කටයුතු අද (29) ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කිරීමට නියමිත බව වාර්තා වෙයි.

මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් අනුරාධ හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේ, මෙම අදියර යටතේ කිලෝමීටර් 18.7ක දුර ප්‍රමාණයක් සංවර්ධනය කිරීමට සැලසුම් කර ඇති බවයි.

මේ අතර, ව්‍යාපෘතියේ පළමු අදියර යටතේ පොතුහැර සිට රඹුක්කන දක්වා කොටසේ ඉදිකිරීම් මේ වනවිට ක්‍රියාත්මක වන අතර, එම කටයුතු ලබන වසරේ මැද භාගය වනවිට අවසන් කිරීමට අපේක්ෂා කෙරේ.

පළමු අදියර සඳහා රුපියල් බිලියන 78ක මුදලක් වැය වන අතර, රඹුක්කන සිට ගලගෙදර දක්වා දෙවැනි අදියර සංවර්ධනයට රුපියල් බිලියන 112.4ක් වැය කිරීමට නියමිත බවද සඳහන්ය.

ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය මුදල් සම්පූර්ණයෙන්ම දේශීය අරමුදල් මගින් ලබාදී ඇති අතර, ඉදිකිරීම් කටයුතු දේශීය කොන්ත්‍රාත් සමාගම් විසින් සිදුකරනු ලබයි.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button