
වෛද්‍යවරුන්ට සේවා අවශ්‍යතාවය අනුව ඉන්ධන නිකුත් කිරීමට රජය සැලසුම් කරයි
වෛද්‍යවරුන්ගේ සේවා අවශ්‍යතාව සැලකිල්ලට ගනිමින් ඉදිරියේදී ඉන්ධන නිකුත් කිරීමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බව සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා ප්‍රකාශ කරයි.
ඔහු සඳහන් කළේ, සේවා අවශ්‍යතාව මත වෛද්‍යවරුන්ට ලබාදෙන ඉන්ධන ප්‍රමාණය නිශ්චිතව සඳහන් කරමින් චක්‍රලේඛයක් නිකුත් කිරීමට අදාළ පියවර ගන්නා බවයි.
එම චක්‍රලේඛය මගින් සෞඛ්‍ය සේවයේ නිරත වෛද්‍යවරුන්ගේ රාජකාරි අවශ්‍යතා සැලකිල්ලට ගනිමින් ඉන්ධන නිකුත් කිරීම වඩාත් සවිධානාත්මකව සිදු කිරීමට හැකි වනු ඇතැයි ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
” QR කෝඩ් එක දැම්මාම, භාගත කිරීමේ ප්‍රශ්න ඇති වෙනවා. යම් යම් තාක්ෂණික ප්‍රශ්න ඇති වෙනවා. දවසක් දෙකක් මේ ප්‍රශ්න තියෙයි. ඒවා තිබිලා විසඳිලා යාවි.
අපි මේක හඳුන්වලා දීලා තියෙන්නේ පොදු චක්‍රලේඛයක් විදිහට තමයි තියෙන්නේ. සුවිශේෂී වූ රැකියා කාණ්ඩ තියෙනවා. සුවිශේෂී වූ සංවර්ධන ව්‍යාපෘතිවල යෙදෙන වාහන තියෙනවා.
ඒවාට අදාළ වෙන වෙනම වූ මඟපෙන්වීම් සහ චක්‍රලේඛයන් ඉදිරි දවස් දෙක තුන තුළ එළිදක්වයි. වෛද්‍යවරුන් කියන්නේ, සුවිශේෂී වෘත්තීයක අය. සුවිශේෂී වූ සංවර්ධන ව්‍යාපෘති තියෙනවා. ඒක නිසා පුද්ගලයෙක්ට හෝ වාහනයකට ලබා දෙන ඉන්ධන ප්‍රමාණය නිශ්චිත අගයක් තිබීම අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ.
ඒවායේ තියෙන සුවිශේෂිතාව හඳුනගෙන ඒවාට තියෙන චක්‍රලේඛ ඉදිරියේදී හඳුන්වා දෙනකොට වෛද්‍යවරුන්ගේ අවශ්‍යතා හඳුන්ගෙන ඊට අදාළ චක්‍රලේඛ ඉදිරියේදී නිකුත් වෙයි.”



