ප්‍රධාන පුවත්

හැටන් දික්ඔය බස් අනතුරක්: ප්‍රපාතයකට පෙරළුණු බස් රථයේ සිටි 20කට තුවාල

හැටන් – දික්ඔය ප්‍රධාන මාර්ගයේ බටල්ගල වත්ත ප්‍රදේශයේ අද (29) පස්වරුවේ මගී ප්‍රවාහන බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන ප්‍රපාතයකට පෙරළීමෙන් පුද්ගලයින් 20 දෙනෙකු පමණ තුවාල ලබා තිබේ.

ඩයගම සිට හැටන් බලා ධාවනය වෙමින් තිබූ පෞද්ගලික බස් රථයක් මෙලෙස අනතුරට ලක්ව ඇති බව වාර්තා වේ. තවත් බස් රථයකට ඉඩ ලබාදීමට උත්සාහ කිරීමේදී මෙම බස් රථය පාලනයෙන් තොරව මාර්ගයෙන් ඉවතට ගොස් අඩි 25ක පමණ ප්‍රපාතයකට පෙරළී ඇත.

අනතුරෙන් තුවාල ලැබූ පිරිස දික්ඔය මූලික රෝහල වෙත ඇතුළත් කර ඇති අතර, ඔවුන් අතර කිහිප දෙනෙකුගේ තත්ත්වය බරපතළ බව සඳහන්ය.

අනතුර සිදුවන අවස්ථාවේ බස් රථයේ පාසල් සිසුන් ඇතුළු මගීන් 35 දෙනෙකු පමණ ගමන් කරමින් සිට ඇතැයි වාර්තා වේ.

එමෙන්ම, බස් රථයේ රියදුරු සහ කොන්දොස්තරවරයාද තුවාල ලබා ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් හැටන් පොලීසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button