
සෞඛ්‍යය
ඩෙංගු මරණ 63 දක්වා ඉහළට – මෙරට ඩෙංගු රෝගීන් 88,088ක් දක්වා වැඩිවෙයි
ඩෙංගු මරණ 63 දක්වා ඉහළට
මෙරට ඩෙංගු තත්ත්වය තවදුරටත් බරපතළ වෙමින් ඩෙංගු රෝගයෙන් මියගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව 63 දක්වා ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය නිවේදනය කර තිබේ.
එම ඒකකය නිකුත් කළ නවතම සංඛ්‍යාලේඛන අනුව, ඊයේ (05) වන විට මේ වසර තුළ වාර්තා වූ සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 88,088 දක්වා ඉහළ ගොස් ඇති අතර, එය 88,000 සීමාවද ඉක්මවා ගොස් ඇත.
තවද, මෙම මාසයේ මේ දක්වා කාලය තුළ පමණක් ඩෙංගු රෝගීන් 2,739 දෙනෙකු වාර්තා වී ඇති බවද ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කරයි.
ඩෙංගු ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා නිවාස හා අවට පරිසරය පිරිසිදුව තබාගැනීම, මදුරු බෝවන ස්ථාන විනාශ කිරීම සහ රෝග ලක්ෂණ පෙනී යාමත් සමඟ කඩිනමින් වෛද්‍ය උපදෙස් ලබා ගැනීම වැදගත් බව සෞඛ්‍ය අංශ ජනතාවට යළිත් සිහිපත් කරයි.



