
TM App ගැන මහ බැංකුවෙන් අනතුරු ඇඟවීමක්
TM App නමින් ක්‍රියාත්මක වන ආයතනය පිරමීඩ ආකාරයේ තහනම් මූල්‍ය යෝජනා ක්‍රමයක් පවත්වාගෙන යන සහ එය ප්‍රවර්ධනය කරන ආයතනයක් ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව නිල වශයෙන් හඳුනාගෙන තිබේ.
ඒ අනුව, එවැනි නීතිවිරෝධී මූල්‍ය යෝජනා ක්‍රමවලට මුදල් ආයෝජනය කිරීමෙන් වැළකී සිටින ලෙස මහජනතාව වෙත මහ බැංකුව දැඩි අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇත.
ශ්‍රී ලංකාවේ පිරමීඩ ආකාරයේ තහනම් යෝජනා ක්‍රම පවත්වාගෙන යාම, ප්‍රවර්ධනය කිරීම හෝ ඒවාට සෘජුව හෝ වක්‍රව දායක වීම නීතිය අනුව දඬුවම් ලැබිය හැකි බරපතළ වරදක් බවද මහ බැංකුව අවධාරණය කරයි.
1988 අංක 30 දරන (සංශෝධිත) බැංකු පනතේ 83(ඇ) වගන්තියට අනුව, මෙවැනි යෝජනා ක්‍රම ආරම්භ කිරීම, ප්‍රවර්ධනය කිරීම, ප්‍රචාරය කිරීම, පවත්වාගෙන යාම, මුදල් සැපයීම, කළමනාකරණය කිරීම හෝ මෙහෙයවීම සිදු කරන පුද්ගලයන්ට නීතිමය දඬුවම් හිමිවිය හැකි බව සඳහන් වේ.
මීට පෙර හඳුනාගෙන ඇති සියලු තහනම් පිරමීඩ යෝජනා ක්‍රම, සමාගම්, වෙබ් අඩවි සහ ජංගම යෙදවුම් (Apps) පිළිබඳ සම්පූර්ණ තොරතුරු ශ්‍රී ලංකා මහ බැංකුවේ නිල වෙබ් අඩවියෙන් පරීක්ෂා කළ හැකි බවද දැනුම්දී ඇත.
නීතිවිරෝධී මූල්‍ය උගුල්වලට හසු නොවී, මුදල් ආයෝජනය කිරීමට පෙර අදාළ ආයතනවල නීත්‍යානුකූලභාවය තහවුරු කර ගන්නා ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව ජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටී.



