
ප්‍රධාන පුවත්
ශ්‍රී ලංකා ක්‍රිකට් අතුරුපාලක කමිටු සභාපති ලෙස ඉරාන් වික්‍රමරත්න පත්කරයි
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අතුරුපාලක කමිටුව සඳහා නව සභාපතිවරයා ලෙස සමගි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා පත්කර තිබේ.
එම අතුරුපාලක කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස රොෂාන් මහානාම, කුමාර් සංගක්කාර, තුෂිර රදැල්ල, සිදත් වෙත්තමුනි, අවන්ති කොළඹගේ, ප්‍රකාශ් ෂාෆ්ටර්, උපුල් කුමාරප්පෙරුම සහ දිනාල් පිලිප්ස් යන මහත්වරු නම් කර ඇත.
ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා මහතා ඇතුළු විධායක කමිටුව සිය ධුරවලින් ඉල්ලා අස්වීමෙන් අනතුරුව, ආයතනයේ පරිපාලන කටයුතු තාවකාලිකව ක්‍රීඩා අමාත්‍යාංශය යටතට පවරා ගැනීමට පියවර ගෙන තිබුණි.
ඒ අනුව, නව නිලවරණයක් හරහා ස්ථිර නිලධාරී මණ්ඩලයක් පත්කරන තෙක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සියලු පරිපාලන සහ තීරණ ගැනීමේ බලතල ඉරාන් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු අතුරුපාලක කමිටුව වෙත පැවරෙනු ඇත.



