
ප්රධාන පුවත්
දඹුල්ලේ අවන්හලකට රු. ලක්ෂ 5ට අදික දඩයක්
දඹුල්ල ප්රදේශයේ අවන්හලක් කල් ඉකුත් වූ පානීය ජල බෝතල් උපරිම සිල්ලර මිලට වඩා වැඩි මිලකට අලෙවි කිරීම හේතුවෙන් රුපියල් 510,000ක දඩයකට යටත් කර තිබේ.
අද (29) දින දඹුල්ල මහෙස්ත්රාත් අධිකරණය විසින් මෙම දඩ මුදල නියම කර ඇති අතර, සිද්ධිය අනාවරණය වී ඇත්තේ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ මාතලේ දිස්ත්රික් කාර්යාලය සිදු කළ වැටලීමකදීය.
විමර්ශනවලදී හෙළි වී ඇත්තේ, රුපියල් 70ක උපරිම සිල්ලර මිලක් සඳහන් කළ ජල බෝතලයක් රුපියල් 100කට අලෙවි කර ඇති බවයි.
එමෙන්ම පාරිභෝගිකයින්ට අලෙවි කළ ජල බෝතල් කල් ඉකුත්ව තිබූ බවද නිලධාරීන් අනාවරණය කරගෙන ඇත.
පාරිභෝගික නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් අදාළ අවන්හලට එරෙහිව නීතිමය ක්රියාමාර්ග ගෙන ඇති අතර, අවසානයේ දඹුල්ල මහෙස්ත්රාත් අධිකරණය විසින් දඩ නියම කර තිබේ.



