
ප්රධාන පුවත්
කුඩා දරුවෙකුගේ දිවි සොරාගත් අනතුර
13 හැවිරිදි දරුවෙකු උඩවලව, තණමල්විල මාර්ගයේ මළබොටුආර ප්රදේශයේදී සිදු වූ රිය අනතුරකින් ජීවිතක්ෂයට පත්ව තිබේ.
තණමල්විල දෙසට ධාවනය වූ ලොරි රථයක් මෙලෙස මාර්ගය අයිනේ ගමන් කරමින් සිටි දරුවාගේ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.
පොලීසිය පැපැවසුවේ අනතුරින් තුවාල ලැබූ දරුවා උඩවලව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බවය.
අනතුර සම්බන්ධයෙන් ලොරි රථයේ රියැදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර උඩවලව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.



