
විපතට පත් වූ සත්ව ගොවිපොළ වන්දි – රු. ලක්ෂ 32,000ක් ගෙවා අවසන්
ඉකුත් වසරේ ඇති වූ දිට්වා සුළි කුණාටුවෙන් හානි වූ සත්ත්ව ගොවිපොළවල් සඳහා මේ වනවිට රුපියල් ලක්ෂ 32,000කට අධික වන්දි මුදලක් ගොවීන්ට ගෙවා අවසන් කර ඇති බව කෘෂිකර්ම හා පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පවසයි.
ජාතික පශු සම්පත් පශ්චාත් ආපදා හදිසි එන්නත්කරණ වැඩසටහන ආරම්භ කිරීමේ උත්සවයෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
ඔහු සඳහන් කළේ, සුළි කුණාටුවෙන් ගවයන්, ඌරන්, එළුවන්, බ්‍රොයිලර් සහ ලේයර් කුකුළන් විනාශ වූ ගොවිපොළවල් සඳහා මෙම වන්දි මුදල් ලබා දී ඇති බවයි.
එමෙන්ම වන්දි ගෙවීම්වලට අමතරව, ගොවීන්ට අමතර සහනයක් ලබා දීම සඳහා පශ්චාත් ආපදා හදිසි එන්නත්කරණ වැඩසටහනක් ආරම්භ කර ඇති බවත්, එය ලෝක බැංකු ආධාර යටතේ රුපියල් ලක්ෂ 25,000ක මුදලක් භාවිතා කරමින් ක්‍රියාත්මක වන බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය.
මෙම එන්නත්කරණ වැඩසටහනේ ප්‍රධාන අරමුණ සතුන් ලෙඩරෝගවලින් ආරක්ෂා කර ගැනීම වන අතර, එය මාස දෙකක පමණ කාලයක් ඇතුළත අවසන් කිරීමට අපේක්ෂා කරන බවද ඔහු සඳහන් කළේය.
ආපදා හේතුවෙන් විනාශයට පත් වූ සත්ත්ව ගොවිපොළවල් ප්‍රතිසංස්කරණය කිරීම සඳහාද අවශ්‍ය සහයෝගය ලබා දීමට කටයුතු කරන බව නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.



