
දිවයින පුරා පැයක කාලයක් අද විදුලි කප්පාදුව සිදුවන හැටි
අද විදුලි කප්පාදුව යළිත් දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබේ. ලක්විජය විදුලි බලාගාරයේ ජනන යන්ත්‍ර අක්‍රිය වීම හේතුවෙන් අද (20) දිනයේදීත් පැයක කාලයක් විදුලි සැපයුම අත්හිටුවීමට බලධාරීන් තීරණය කර ඇත.
පස්වරු 4.30 සිට රාත්‍රී 9 දක්වා විදුලි කප්පාදුව
ජාතික පද්ධති ක්‍රියාකරු සමාගම කළ ඉල්ලීමකට අනුව විදුලි කප්පාදුව සඳහා අවසර ලබාදී ඇති බව මහජන උපයෝගීතා කොමිසම ඊයේ (19) ප්‍රකාශ කළේය.
ඒ අනුව අද පස්වරු 4.30 සිට රාත්‍රී 9 දක්වා කාලය තුළ දිවයිනේ සියලු ප්‍රදේශ කලාප හතරකට බෙදා පැයක කාලයක් විදුලිය විසන්ධි කිරීමට නියමිතය. කෙසේ වෙතත්, රෝහල් සහ අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යන ස්ථාන ආශ්‍රිතව විදුලි සැපයුම අත්හිටුවන්නේ නැත.
පසුගිය සෙනසුරාදා දිවයින පුරා සිදුවූ විදුලි බිඳවැටීමෙන් පසුව නොරොච්චෝලේ ලක්විජය බලාගාරයේ ජනන යන්ත්‍ර තුනම අක්‍රිය වී තිබේ. විදුලි සැපයුම කළමනාකරණය කිරීමේ අරමුණින් දිනපතා පැයක විදුලි කප්පාදුවක් සිදුකිරීමට ජාතික පද්ධති ක්‍රියාකරු සමාගම තීරණය කර ඇත්තේ ඒ අනුවය.
ඒ අනුව ඊයේ දිනයේදී ද විදුලි කප්පාදුවක් සිදුකෙරුණු අතර අද සහ හෙට (21) යන දිනවලදී ද එය ක්‍රියාත්මක කිරීමට සිදුවන බව එම සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී බුද්ධික සමරසේකර මහතා සඳහන් කර තිබේ.



