
විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවක වර්ජනය හෙට දිවයින පුරා ක්‍රියාත්මකයි
විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවක වර්ජනය හෙට (25) දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබේ.
විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවක වර්ජනයට හේතුව 2025 අයවැයෙන් කප්පාදු කළ වැටුප් සහ දීමනා යළි ඉල්ලීමයි
2025 අයවැය මගින් කප්පාදු කළ වැටුප්, අතිකාල දීමනා සහ අනෙකුත් දීමනා යළි ලබාදෙන ලෙස ඉල්ලමින් මෙම සංකේත වැඩවර්ජනය සංවිධානය කරන බව විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව පවසයි.
මේ අතර, ගුරු ක්ෂේත්රයට සම්බන්ධ වෘත්තීය සමිති රැසක්ද නොවැම්බර් 30 වැනිදා අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වීමට සූදානම්ව සිටියි.
2027 අයවැය යෝජනා මගින් තමන්ට අපේක්ෂිත සහන හිමි නොවූ බව පවසමින් ක්ෂේත්‍ර කිහිපයක වෘත්තීය සමිති ඊයේ ජාතික විරෝධතා දිනයක් ප්‍රකාශයට පත්කර තිබුණි. එමෙන්ම ඉදිරි සතියේදී සිය වෘත්තීය ක්‍රියාමාර්ග තවදුරටත් දැඩි කිරීමට කටයුතු කරන බවද ඔවුන් ප්‍රකාශ කර තිබේ.
මෙවැනි තත්ත්වයක් තුළ පසුගිය නොවැම්බර් 18 වැනිදා වැඩවර්ජනයක නිරත වූ විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයින් නැවතත් හෙට දිනයේදී සංකේත වැඩවර්ජනයක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇත.
2025 අයවැය මගින් අහිමි කළ වැටුප්, අතිකාල දීමනා සහ අනෙකුත් දීමනා නැවත ලබාදීම ඔවුන්ගේ ප්‍රධාන ඉල්ලීම වී තිබේ. එහෙත් මේ සම්බන්ධයෙන් රජය මෙතෙක් සාකච්ඡාවක් හෝ ලබාදී නොමැති බව විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයින් පවසයි.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුවේ සම සභාපති මංගල දබරේරා මහතා මෙලෙස ප්‍රකාශ කළේය.
“අපි කිසිසේත්ම වැටුප් වැඩිවීමක් නෙමෙයි ඉල්ලන්නේ. අප ලබමින් සිටි 2025 අයවැයෙන් කප්පාදු කළ වැටුප් හා දීමනා හා අතිකාල දීමනා නැවත වතාවක් ලබා දෙන්න කියලා.ඒ වර්ජනයේ නියුතු හෝ ක්‍රියාමාර්ගවල හිටපු කිසිම වෘත්තීය කණ්ඩාමකට මේ රජය සාකච්ඡාවල් ලබා දීලා නෑ. “



