උණුසුම් පුවත්

දිස්ත්‍රික්ක 24කට ප්‍රබල අකුණු අනතුරු ඇඟවීමක් – අද රාත්‍රී 11 දක්වා වලංගුයි

දිස්ත්‍රික්ක 24කට ප්‍රබල අකුණු අනතුරු ඇඟවීමක් නිකුත් කිරීමට කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

දිස්ත්‍රික්ක 24කට ප්‍රබල අකුණු අවදානමක් – සවස් කාලයේ සහ රාත්‍රියේ විමසිලිමත් වන්න

අද (24) පස්වරු 12.00ට නිකුත් කර ඇති මෙම අනතුරු ඇඟවීමේ නිවේදනය අද රාත්‍රී 11.00 දක්වා බලපැවැත්වෙන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඒ අනුව අනුරාධපුර, අම්පාර, කළුතර, කෑගල්ල, කිලිනොච්චිය, කුරුණෑගල, කොළඹ, ගම්පහ, ගාල්ල, ත්‍රිකුණාමලය, නුවරඑළිය, පුත්තලම, පොළොන්නරුව, බදුල්ල, මඩකලපුව, මන්නාරම, මහනුවර, මාතර, මාතලේ, මුලතිව්, මොනරාගල, රත්නපුර, වවුනියාව සහ හම්බන්තොට යන දිස්ත්‍රික්ක සඳහා මෙම අනතුරු ඇඟවීම අදාළ වේ.

එම දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශවලට අද සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාවක් පවතින බවද නිවේදනයේ සඳහන් කර තිබේ.

විශේෂයෙන් ගිගුරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි අවදානමක් පවතින බැවින් ඒ පිළිබඳව අවධානයෙන් පසුවන ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button