
උණුසුම් පුවත්
DMT වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක් – සේවා ලබාගැනීමට පෙර දැනුම්දීමක්
මෝටර්රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ (DMT) නිල වෙබ් අඩවිය ඊයේ (21) රාත්‍රියේ සයිබර් ප්‍රහාරයකට ලක්ව තිබේ.
DMT වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක් එල්ලවීම හේතුවෙන් එම දෙපාර්තමේන්තුවේ නාරාහේන්පිට කාර්යාලයෙන් සේවා ලබාගැනීමට පැමිණෙන ජනතාව වේලාවක් කලින් වෙන්කරගෙන පැමිණිය යුතු බව දැනුම් දී ඇත.
DMT වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක් එල්ලවීමෙන් පසු වේලාවක් වෙන්කරගැනීම ගැන දැනුම්දීමක්
කෙසේ වෙතත්, මෙම සිදුවීම හේතුවෙන් වේලාවක් වෙන්කරගැනීමේ පද්ධතියට කිසිදු බලපෑමක් සිදුව නොමැති බව මෝටර්රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ඒකකය සඳහන් කරයි.
ඒ අනුව, appointment.dmt.gov.lk වෙබ් අඩවිය ඔස්සේ සාමාන්‍ය පරිදි තමන්ට අවශ්‍ය වේලාව වෙන්කරගත හැකි බවද එම මාධ්‍ය ඒකකය වැඩිදුරටත් දැනුම් දී තිබේ.



