
ප්රධාන පුවත්
නාමල් රාජපක්ෂ දෙසැම්බර් 2 දක්වා යළි රක්ෂිත බන්ධනාගාරයට
නාමල් රාජපක්ෂ දෙසැම්බර් 2 දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ත්රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අද (19) නියෝග කර තිබේ. ඒ අනුව එයාර්බස් සිද්ධියට අදාළ නඩුව දෙසැම්බර් 2 වැනිදා දක්වා කල් තබමින් ඔහු තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය තීරණය කළේය.
නාමල් රාජපක්ෂට ඇප ලබාදීමට සුවිශේෂී කරුණු නොමැති බව අධිකරණය දන්වයි
අදාළ සිද්ධිය සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව ගොනු කර තිබූ අධිචෝදනා පත්රද අද දිනයේදී ඔහු වෙත භාරදීමට කටයුතු කර තිබේ.
අනතුරුව විත්තිකරුට ඇප ලබාදීමට තරම් සුවිශේෂී කරුණු ඉදිරිපත් වී නොමැති බව සලකා බැලූ විනිසුරු මඩුල්ල ඔහු තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළේය.
ඒ අනුව නාමල් රාජපක්ෂ මහතාට අදාළ නඩුව වැඩිදුර විභාගය සඳහා දෙසැම්බර් 2 වැනිදා යළි කැඳවීමට නියමිතය.



