ප්‍රධාන පුවත්

බස් ලලිත් යළි රිමාන්ඩ් – දෙසැම්බර් 04 දක්වා බන්ධනාගාරයට

බස් ලලිත් යළි රිමාන්ඩ් කිරීමට අවිස්සාවේල්ල මහෙස්ත්‍රාත් අධිකරණය අද (19) නියෝග කර තිබේ.

බස් ලලිත් යළි රිමාන්ඩ් කිරීමට අවිස්සාවේල්ල මහෙස්ත්‍රාත් අධිකරණයෙන් නියෝග

ඒ අනුව සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයකු ලෙස සැලකෙන ලලිත් කන්නංගර නොහොත් බස් ලලිත් නමැත්තා දෙසැම්බර් මස 04 වැනිදා දක්වා තවදුරටත් බන්ධනාගාරගත කිරීමට නියම කර ඇත.

අදාළ සැකකරු අද පස්වරුවේ අවිස්සාවේල්ල මහෙස්ත්‍රාත් ප්‍රමෝද්‍ය ජයසේකර මහතා හමුවට ඉදිරිපත් කර තිබේ.

එහිදී කරුණු සලකා බැලීමෙන් අනතුරුව මහෙස්ත්‍රාත්වරයා විසින් මෙම රක්ෂිත බන්ධනාගාරගත කිරීමේ නියෝගය ලබාදී ඇත.

ඒ අනුව බස් ලලිත් නමැත්තා ලබන දෙසැම්බර් 04 වැනිදා දක්වා බන්ධනාගාරගතව සිටීමට නියමිතය.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button