ප්‍රධාන පුවත්

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී තනතුර අහෝසි කිරීමට ගැසට් නිවේදනයක්

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී තනතුර ඉවත් කිරීම සඳහා සකස් කළ පනත් කෙටුම්පතක් රජයේ ගැසට් මගින් ප්‍රකාශයට පත් කර තිබේ.

ආරක්ෂක අමාත්‍යවරයාගේ උපදෙස් අනුව සකස් කළ මෙම පනත් කෙටුම්පත මැයි 15 දිනැති ගැසට් පත්‍රයේ ඇතුළත් කර ඇති බව වාර්තා වෙයි.

2009 අංක 35 දරණ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී පනත අහෝසි කිරීම සහ ඊට අදාළ අනෙකුත් නීතිමය කරුණු සඳහා විධිවිධාන සැලසීම මෙහි ප්‍රධාන අරමුණ බව සඳහන්ය.

“2026 ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී පනත ඉවත් කිරීමේ පනත” ලෙස නම් කර ඇති මෙම කෙටුම්පත ක්‍රියාත්මක වූ දින සිට එම තනතුර නිල වශයෙන් අවසන් කිරීමට නියමිතය.

එසේම, එම අවස්ථාවේදී ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ධූරය දරන නිලධාරියා නැවත ඔහු අයත් සන්නද්ධ හමුදා සේවයට අනුයුක්ත කිරීමට ද විධිවිධාන ඇතුළත් කර තිබේ.

මීට අමතරව, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී කාර්යාලයට අයත් සියලු චංචල හා නිශ්චල දේපළ ආරක්ෂක විෂය භාර අමාත්‍යවරයාගේ අමාත්‍යාංශය වෙත පැවරිය යුතු බවද අදාළ පනත් කෙටුම්පතේ දක්වා ඇත.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button