
උණුසුම් පුවත්
ශිෂ්‍යත්ව කඩඉම් ලකුණු 2027 වසරේ 6 ශ්‍රේණියට ඇතුළත් වීමට නිකුත් කෙරේ
ශිෂ්‍යත්ව කඩඉම් ලකුණු 2026 වසරේ 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල මත 2027 වසරේ පාසල්වල 06 වැනි ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීම වෙනුවෙන් නිකුත් කර තිබේ.
ශිෂ්‍යත්ව කඩඉම් ලකුණු නිකුත් කෙරේ
අදාළ පාසල් සඳහා නියම කර ඇති කඩඉම් ලකුණු පිළිබඳ තොරතුරු අධ්‍යාපන අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවියට පිවිසීමෙන් ලබාගැනීමට සිසුන්ට සහ දෙමාපියන්ට හැකියාව පවතී.
ඒ අනුව, අධ්‍යාපන අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවිය වන www.moe.gov.lk වෙත පිවිසීමෙන් පාසල්වලට අදාළ කඩඉම් ලකුණු පරීක්ෂා කළ හැකිය.
එමෙන්ම, ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල අනුව තමන්ට හිමි වී ඇති පාසල කුමක්ද යන්න දැනගැනීම සඳහා ද විශේෂ පහසුකමක් සලසා තිබේ.
ඒ සඳහා https://g6application.moe.gov.lk/ වෙබ් අඩවියට පිවිසීමෙන් තමන්ට හිමි පාසල පිළිබඳ තොරතුරු පරීක්ෂා කරගත හැකිය.



