ප්‍රධාන පුවත්

ග්‍රයින්ඩරයේ අනතුරින් පුද්ගලයෙකු මරුට

මාවිල්මඩ ප්‍රදේශයේ නිවසක ආරක්ෂක වැටක් අලුත්වැඩියා කරමින් සිටි පුද්ගලයෙකු ග්‍රයින්ඩරයකට ගෙල කැපී ජීවිතක්ෂයට පත්ව තිබේ.

පොලීසිය සඳහන් කළේ, ඊයේ (05) උදෑසන මෙම අනතුර සිදුව ඇති බවය. මියගොස් ඇත්තේ මාවිල්මඩ ප්‍රදේශයේ පදිංචි 66 හැවිරිදි පුද්ගලයෙකි.

නිවස ඉදිරිපිට ආරක්ෂක වැට පිළිසකර කිරීමේදී භාවිත කළ ග්‍රයින්ඩරය හේතුවෙන් මෙම මරණය සිදුව ඇති බවට මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් කටුගස්තොට පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button