ප්‍රධාන පුවත්

IRD ආදායම් ඉලක්කය 2026 වසරට පෙරම සපුරයි

2026 වසරට අදාළව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව (IRD) වෙත ලබාදී තිබූ වාර්ෂික ආදායම් ඉලක්කය නියමිත කාලයටත් පෙර සපුරාලීමට එම දෙපාර්තමේන්තුව සමත්ව තිබේ.

IRD ආදායම් ඉලක්කය ඉක්මවා යමින් නොවැම්බර් 16 වන විට බිලියන 2,441.9ක ආදායමක්

රුපියල් බිලියන 2,402ක වාර්ෂික ආදායම් ඉලක්කයක් දෙපාර්තමේන්තුව වෙත ලබාදී තිබූ අතර, නොවැම්බර් 16 වැනිදා වන විට රුපියල් බිලියන 2,441.9ක ආදායමක් උපයා ගැනීමට හැකි වී ඇත. ඒ අනුව, නියමිත ඉලක්කය ඉක්මවා යමින් අමතර ආදායමක්ද රැස්කර ගැනීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සමත්ව ඇත.

එමෙන්ම, පසුගිය වසරේ නොවැම්බර් 16 වැනිදා වන විට රැස්කර තිබූ ආදායමට සාපේක්ෂව මේ වසරේ එම දිනය වන විට රුපියල් බිලියන 491ක අමතර ආදායමක් උපයා ගැනීමටද දෙපාර්තමේන්තුවට හැකි වී තිබේ.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ මෙම ආදායම් වර්ධනය පෙර වසරට සාපේක්ෂව සියයට 115ක ඉහළ යාමක් බවය.

මෙම ප්‍රතිඵලය මඟින් බදු පරිපාලන ක්‍රියාවලියේ ශක්තිමත්භාවය මෙන්ම බදු ආදායම් එකතු කිරීමේ කාර්යක්ෂමතාවද පෙන්නුම් කරන බව දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයා පෙන්වා දෙයි.

තවද, බදු නීති සහ රෙගුලාසිවලට අනුකූලව කටයුතු කිරීමට ජනතාව තුළ ඇති වී තිබෙන නැඹුරුවද මෙම ප්‍රගතියෙන් පිළිබිඹු වන බව ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button