ප්‍රධාන පුවත්

ගල්අඟුරු ටෙන්ඩර් අක්‍රමිකතා චෝදනා: මුජිබුර් රහුමාන් ඇතුළු පිරිස CIDයට පැමිණිල්ලක්

සමගි ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබුර් රහුමාන් මහතා සහ එම පක්ෂයේ තවත් සාමාජිකයින් කිහිප දෙනෙකු විසින් අද (13) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) වෙත පැමිණිල්ලක් භාර දී ඇත.

මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇත්තේ ගල්අඟුරු ටෙන්ඩර් ක්‍රියාවලිය සම්බන්ධයෙන් සිදුව ඇති බවට සැක කරන අක්‍රමිකතා පිළිබඳව පූර්ණ විමර්ශනයක් සිදු කරන ලෙස ඉල්ලමින්ය.

අදාළ ටෙන්ඩරය ප්‍රදානය කිරීමේදී ජනාධිපතිවරයාට සමීප පුද්ගලයෙකුට වාසිදායක ලෙස ක්‍රියා කර ඇති බවට හඬපටයක් මඟින් තොරතුරු හෙළිවී ඇති බවද, ඒ අනුව මෙම පැමිණිල්ල ඉදිරිපත් කළ බවද මන්ත්‍රීවරයා සඳහන් කර ඇත.

“යම් හඬපටයක් නිකුත් වෙලා තිබෙනවා. ඒක ඇහුවාම අපිට තේරෙනවා එතනත් වංචාවක් සිද්ධ වෙලා තියෙනවා කියලා. ජනාධිපතිවරයාගේ ළඟම ඉන්න හිතවතෙක්ට මේ ටෙන්ඩරය ලබා දෙන්න ඕනේ, ලබා දිය යුතුයි කියන සාකච්ඡාවක් සම්බන්ධව මේ හඬපටය නිකුත් වෙලා තිබෙනවා. ඒ සම්බන්ධව තමයි අපි අද ආවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ල දාලා මේ ඕඩියෝ එක සම්බන්ධව යන මේ සාකච්ඡාව සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් පවත්වන්න කියලා. මේ ඕඩියෝ එකේ යන සාකච්ඡාවෙදි ජනාධිපතිතුමාගේ නම එනවා ජනාධිපතිතුමාගේ ළඟම ඉන්න ව්‍යාපාරිකයින්ගේ නම් එනවා මේක තුළත් පැහැදිළිවම වංචාවක් සිද්ධ වෙලා තිබෙනවා.”

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button